පුරුෂයෙකුට ප්‍රසව වේදනාව ඇති විය හැකි ද කියා සිතා බලන්න. එසේ නොවේ නම්, ප්‍රසව වේදනාව ඇති ස්ත්‍රියක මෙන් හැම පුරුෂයෙකු ම ඉඟටියේ අත් තබාගෙන සිටිනවාත්, මුහුණ සුදුමැලි වී තිබෙනවාත් මට පෙනෙන්නේ කුමක් නිසා ද?
යෙරෙමියා 50:43 - Sinhala New Revised Version 2018 බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ. Sinhala New Revised Version බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ. Sinhala Revised Old Version බබිලෝනියේ රජු ඔවුන් ගැන කීර්තිය අසා තිබේ, ඔහුගේ අත් හෙළා වැටී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද ඔහුට අල්ලා තිබේ. |
පුරුෂයෙකුට ප්‍රසව වේදනාව ඇති විය හැකි ද කියා සිතා බලන්න. එසේ නොවේ නම්, ප්‍රසව වේදනාව ඇති ස්ත්‍රියක මෙන් හැම පුරුෂයෙකු ම ඉඟටියේ අත් තබාගෙන සිටිනවාත්, මුහුණ සුදුමැලි වී තිබෙනවාත් මට පෙනෙන්නේ කුමක් නිසා ද?
සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.”
දමස්කයේ වැසියෝ බෙලහීන ව භීතියෙන් පලා යන්නට හැරී සිටිති. ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක මෙන් ඔව්හු වේදනාවෙන් හා දුකෙන් මිරිකෙති.
නගරය හැම පැත්තෙන් ම අසු වී තිබෙන බව බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවුඩකාරයන් පිට පණිවුඩකාරයන් යවනු ඇත.
ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.