මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.
යෙරෙමියා 50:26 - Sinhala New Revised Version 2018 සෑම දෙසින් ම ඈට විරුද්ධ ව නැඟී එන්න; ඇගේ ධාන්‍ය ගබඩා අරින්න; ධාන්‍ය ගොඩක් මෙන් ඇය රැස්කොට වනසන්න; කිසිවක් ඉතිරි නොකරන්න. Sinhala New Revised Version සෑම දෙසින් ම ඈට විරුද්ධ ව නැඟී එන්න; ඇගේ ධාන්‍ය ගබඩා අරින්න; ධාන්‍ය ගොඩක් මෙන් ඇය රැස්කොට වනසන්න; කිසිවක් ඉතිරි නොකරන්න. Sinhala Revised Old Version ඉතා දුර සීමාවේ සිටම ඈ ළඟට ඇවිත්, ඇගේ ගබඩාවල් ඇර, ගොඩැලි මෙන් ඈ ගොඩකර, ඈට කිසිවක් ඉතිරි නොකර, ඈ සිඳදමන්න. |
මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.
මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය.
නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.
සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය.
මාගේ කෝපය නිසා කිසිවෙක් බබිලෝනියේ ජීවත් නොවෙති. එය නටබුන් ගොඩක් වන්නේ ය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝ ම එයට සිදු වී තිබෙන දේ ගැන විස්මයට පත් ව, ඊට වූ විපත්ති ගැන ඊට නින්දා කරන්නෝ ය.
බබිලෝනියට විරුද්ධ ව එය වටකර රණ ඝෝෂා කරන්න. බබිලෝනිය දැන් යටත් වී ඇත. එහි ප්‍රාකාර වැටී ඇත; පවුරු කඩාදමා ඇත. මෙය සමිඳුන්ගෙන් ලත් දඬුවම ය. බබිලෝනියෙන් පළිගැනීමට ඒ දේශය කළ ලෙස ම එයටත් කරන්න.
බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය. දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි! ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!
“අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති. බලවත් ජාතියක් ද බොහෝ රජවරු ද පොළොවේ ඉතා දුර සීමාවලින් නැඟී එති.
මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.
‘බබිලෝනිය මෙසේ ම කිඳා බැස මා ඈ පිට පමුණුවන විපත්තියෙන් ගොඩ නොඑන්නී යැ’යි කියන්න.” ජෙරමියාගේ පණිවුඩය මෙතැනින් අවසන් වේ.
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි.
අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද?
දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී.
ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක.