ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 5:15 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙන්න, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව දුර සිට ජාතියක් ගෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හු බලවත් ජාතියක්ය, පුරාණ ජාතියක්ය, ඔවුන් නුඹ නොදන්න භාෂාවක් කථාකරන ජාතියක්ය, ඔවුන් කියන දේ නුඹට තේරෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 5:15
27 හුවමාරු යොමු  

එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටහෙන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක.


ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:


මේ සෙනඟ මට සවන් දෙන්නේ නැත්නම්, ඔවුන්ට පාඩමක් උගන්වන පිණිස අමුතු භාෂාවක් කතා කරන විදේශිකයන් දෙවිඳුන් පාවිච්චි කරනු ඇත.


දෙවිඳාණෝ නගරයට පහර දී බලකොටු සමඟ එය වටලන සේක.


සව් බලැති සමිඳාණෝ ගර්ජනාවෙන් ද මහත් ශබ්දයකින් ද සුළි සුළඟකින් ද කුණාටුවකින් ද විනාශකාරී ගින්නකින් ද ප්‍රකාශ වන සේක.


නුඹලාට නොතේරෙන විදේශීය භාෂාවකින් කතා කරන විදේශිකයන් තවත් නුඹලාගේ ඇස්වලින් දකින්න ලැබෙන්නේ නැත.


එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, “ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.


සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය.


සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය.


මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති.


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


ජුදා නගරවලට විරුද්ධ ව ද හඬ නඟමින් දුර රටක සිට ඒවා වටකරින් එන බවට අනතුරු අඟවන්න; ජෙරුසලමේ එය ප්‍රකාශ කරන්න.


ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මට විරුද්ධ ව බොහෝ සේ ද්‍රෝහිකම් කර ඇත. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහා බලවත් ජාතියක් ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැඟිට එනු ඇත.


ඒ අය නම්: මිසරය, ජුදාව, ඒදොම්, අම්මොන්, මෝවබ් යන රටවල සිටින අය ද කාන්තාරයේ වාසය කරන හිසකේ කොටට කැපූ අය ද වෙති. මේ සියලු දෙනා ද ඉශ්රායෙල් වැසියන් සියලු දෙනා ද සිතෙහි පාප මල ඡේදනය නොකළ අය ය.”


නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?


එහෙත්, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම ජාතියක් එවන්නෙමි. උතුරේ ඇති හමාත්ට ඇතුළු වන දුර්ගයේ සිට, දකුණේ ඇති මළ මුහුද දක්වා ඒ ජාතිය නුඹලාට පීඩා කරනු ඇත.”


මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.


“අන් භාෂාවලිනුත්, අන්‍යයන්ගේ මුවිනුත්, මම මේ සෙනඟට කතා කරමි. එසේ වුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.


ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය.


ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.