නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.
යෙරෙමියා 48:6 - Sinhala New Revised Version 2018 “ ‘හනික, පණ බේරාගන්න පිණිස කාන්තාරයේ වල් බූරුවන් මෙන් දුවන්නැ’යි ඔව්හු කියති. Sinhala New Revised Version “ ‘හනික, පණ බේරාගන්න පිණිස කාන්තාරයේ වල් බූරුවන් මෙන් දුවන්නැ’යි ඔව්හු කියති. Sinhala Revised Old Version නුඹලා පලාගොස්, නුඹලාගේ ප්‍රාණ ගළවාගෙන, කාන්තාරයේ රෝතෙම් ගස මෙන් වෙන්න. |
නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.
හිමිතුමාණන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ. යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ. පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.
ඇගේ දඬුවමට නුඹ ගොදුරු නොවී යන්න. ඇයට නියම විපාකය දෙන සමිඳාණන්ගේ දඬුවම් දීමේ දවස දැන් පැමිණ තිබේ.
එකල ඔහු තමාගෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්ට ආ ජනතාවට කතා කොට, “එම්බා පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යන්න නුඹලාට අවවාද කෙළේ කවරෙක් ද?
මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.