දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
යෙරෙමියා 48:43 - Sinhala New Revised Version 2018 අහෝ, මෝවබ් වැසියෙනි! භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා ඉදිරියේ ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. Sinhala New Revised Version අහෝ, මෝවබ් වැසියෙනි! භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා ඉදිරියේ ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. Sinhala Revised Old Version අහෝ මෝවබ් වැසිය, භීතියත් වළත් මලපතත් නුඹ පිට තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
නුඹලා වටකර සිටින සියල්ලන්ගෙන් නුඹලා පිට භීතියක් මම පමුණුවන්නෙමි. නුඹලා එකිනෙකා පන්නනු ලබන්නහු ය. පලා යන අය පිළිගැනීමට ද කිසිවෙක් නොවන්නෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.
අහෝ බබිලෝනිය! මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය. නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.