ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 48:12 - Sinhala New Revised Version 2018

“එබැවින් මෝවබ් ජාතිය මිදියුස මෙන් වත් කර, හළාදමන පිණිස සෙනඟක් එවන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු මිදියුස බඳුන් හිස් කොට ඒවා කැබෙලි කොට දමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“එබැවින් මෝවබ් ජාතිය මිදියුස මෙන් වත් කර, හළාදමන පිණිස සෙනඟක් එවන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු මිදියුස බඳුන් හිස් කොට ඒවා කැබෙලි කොට දමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් පෙරළා ඉහිරවන්නන් ඔහු ළඟට මා විසින් අරින දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හුද ඔහු පෙරළා, ඔහුගේ භාජන හිස්කොට, ඔහුගේ පාත්‍ර බිඳදමන්නෝය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 48:12
14 හුවමාරු යොමු  

නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.


ඔව්හු කැදැල්ලෙන් පලවා හරින ලද කුරුල්ලන් මෙන් අර්ණොන්හි තොටුපළවල ඉවක් බවක් නැති ව ඒ මේ අත යති.


නුඹලා ලිපකින් ගිනි අඟුරු ගන්න වත්, පොකුණකින් වතුර බිඳක් ගන්න වත් සෑහෙන තරමට කැබැල්ලක් ඉතිරි නොවන ලෙස පොඩිකරන ලද මැටි භාජනයක් හා සමාන ය.”


ඔවුන්ගේ උත්තමයෝ වතුර ගෙනෙන පිණිස සිය සේවකයන් යවති. ඔව්හු ළිං ළඟට ගොස් වතුර නොලැබ, හිස් භාජන ඇති ව ආපසු හැරී එති. ඔව්හු වියවුලටත්, ලජ්ජාවටත් පැමිණ තමන්ගේ මුහුණු වසා සඟවාගනිති.


එවිට සමිඳාණන් වහන්සේ මා සමඟ ගිය අය ඉදිරියේ මැටි බඳුන බිඳදමා,


“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.


ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.


“මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.


මෝවබ්හි සියලු පියසි උඩ ද එහි සියලු චතුරශ්‍රවල ද ඇසෙන්නේ වැලපීම පමණකි. මන්ද, කිසිවෙකුට වුවමනා නැති භාජනයක් පොඩි කරන්නාක් මෙන් මා මෝවබ් පොඩි කරදමා ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


“සියලු නගරවලට විනාශකයා පැමිණෙන්නේ ය. කිසි ම නගරයක් නොගැළවෙන්නේ ය. ස්වාමීන් වන මා කී ලෙස මිටියාවත ද තැනිතලාව ද නැතිනාස්ති වන්නේ ය.


සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක.