සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!
ස්වාමීන්වහන්සේගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.
රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා, “ඔබේ මෙහෙකරු වන මම සටන් මධ්‍යයට ගියෙමි. එවිට එක් මිනිසෙක් තවත් මිනිසෙකු මා ළඟට ගෙනවුත් කතා කොට, ‘මේ මිනිසා බලාගන්න. ඔහු යම් අන්දමකින් ගැළවී ගියොත්, ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්නට වේ. නැතහොත් රිදී කාසි තුන්දාහක් ගෙවිය යුතු ය’යි කීවේ ය.
එහෙත්, ඔබේ මෙහෙකරුවා නොයෙක් කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේ ය”යි කීවේ ය. ඉශ්රායෙල් රජ, “ඔබේ තීන්දුව එසේ ම වන්නේ ය. ඔබ ම ඒක තීන්දු කෙළෙහි ය”යි කීවේ ය.
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස් වී, “ඔබ ඒවා පස් වරක් හෝ හය වරක් හෝ ගසන්නට යුතු ව තිබිණි. එසේ කෙළේ වී නම්, ඔබ සිරියන්වරුන් විනාශ වන තුරු ඔවුන්ට පහර දෙනු ඇත. එහෙත්, දැන් ඔබ තුන් වරක් පමණක් සිරියන්වරුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ සාප කර ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න.
“එම්බා සමිඳාණන් වහන්සේගේ කඩුව! නුඹ නිසොල්මන් වන්නේ කවදා ද? ‘නුඹේ කොපුවට ඇතුළු වී නැවතී නිසල ව සිටින්න’ කියා නුඹලා කියන්නහු ය.
“ස්වාමීන් වන මා එයට කාර්යයක් භාර කර තිබෙන නිසා එය නිසල ව සිටින්නේ කෙසේ ද? අෂ්කෙලෝන්ටත්, මුහුදුබඩ වෙසෙන සෙනඟටත් පහර දෙන ලෙස මා එයට අණ කර ඇත.”
මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ම මාගේ ගබඩා හැර මාගේ කෝපය නමැති ආයුධ එළියට ගත්තෙමි. මන්ද, සව් බලැති දෙවි ස්වාමීන් වන මට බබිලෝනිය සම්බන්ධයෙන් යම් කාර්යයක් කරන්නට තිබේ.
ඇගේ සියලු හේවායන් මරාදමන්න; ඔවුන් ඝාතනය කරන්න; ඔවුන්ට වන විපතක මහත! ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”
එහෙත්, ඔබ නැවතී නොසිටින්න; ඔබේ සතුරන් ලුහුබැඳ ගොස් පිටුපසින් සිටින්නන්ට පහර දෙන්න; ඔවුන්ගේ නගරවලට ඇතුළු වීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.
‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය.
දැන් නුඹ අමලෙක්වරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින් ම විනාශකර දමා, පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා කිරි දරුවන් ද ගවයන් හා බැටළුවන් ද ඔටුවන් හා කොටළුවන් ද මරා දමන්න.’ ”
එහෙත්, සාවුල් සහ සෙනඟ ආගග් ද බැටළුවන් හා ගවයන්ගෙනුත්, තර සතුන්ගෙනුත් ඉතා හොඳ සතුන් ද බැටළු පැටවුන් ද ප්‍රයෝජනවත් දේ සියල්ල ද විනාශ නොකර ඉතිරි කරගත්තෝ ය. ප්‍රයෝජනයක් නැති, නොවටින සියල්ල ම ඔව්හු විනාශ කර දැම්මෝ ය.