මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය.
යෙරෙමියා 46:23 - Sinhala New Revised Version 2018 ඇතුළු වී ගමන් කිරීමට දුෂ්කර වූ කැළෑ ඔව්හු කපා දමන්නෝ ය. ඔවුන්ගේ හේවායන්ගේ සංබ්‍යාව පළඟැටියන්ට වැඩි ය; සෙනඟ ගණන් නොකළ හැකි ය. Sinhala New Revised Version ඇතුළු වී ගමන් කිරීමට දුෂ්කර වූ කැළෑ ඔව්හු කපා දමන්නෝ ය. ඔවුන්ගේ හේවායන්ගේ සංබ්‍යාව පළඟැටියන්ට වැඩි ය; සෙනඟ ගණන් නොකළ හැකි ය. Sinhala Revised Old Version ඇගේ කැලෑවට වදින්ට බැරි නුමුත් ඔව්හු ඒක කපා දමන්නෝය; මක්නිසාද ඔව්හු පළඟැටියන්ට වඩා වැඩිව, ගණනාවක් නැතුව සිටිත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය.
එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
පොරෝ අතට ගත් ගස් හෙළන්නන් මෙන් සතුරු සේනා එන බැවින්, මිසරය සර්පයකු මෙන් සූ, සූ, ගාමින් පලා යන්නේ ය.
නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.
ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය.
මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග සියලු වැසියෝ ද පළඟැටි සමූහයක් මෙන් විශාල ගණනක් මිටියාවතේ පැතිර සිටියෝ ය. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල ගණනක් වූ හ.