“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්
යෙරෙමියා 44:26 - Sinhala New Revised Version 2018 එබැවින් මිසර දේශයෙහි වසන සියලු ජුදාවරුනි, ස්වාමීන් වන මා මාගේ පරාක්‍රමවත් නාමයෙන් මිසර දේශයේ වසන සියලු ජුදෙව්වරුන්ට කියන දේට සවන් දෙන්න. මින්පසු, කිසි කලක නුඹලාගෙන් කිසිවෙකුට ‘මම ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දිවුරමි’ යන දිවුරුම් පාඨය කියා දිවිරීමට මම ඉඩ නොදෙන්නෙමි. Sinhala New Revised Version එබැවින් මිසර දේශයෙහි වසන සියලු ජුදාවරුනි, ස්වාමීන් වන මා මාගේ පරාක්‍රමවත් නාමයෙන් මිසර දේශයේ වසන සියලු ජුදෙව්වරුන්ට කියන දේට සවන් දෙන්න. මින්පසු, කිසි කලක නුඹලාගෙන් කිසිවෙකුට ‘මම ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දිවුරමි’ යන දිවුරුම් පාඨය කියා දිවිරීමට මම ඉඩ නොදෙන්නෙමි. Sinhala Revised Old Version එබැවින් මිසර දේශයෙහි වසන සියලු යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න: මුළු මිසර දේශයෙහි සිටින යූදාවරුන්ගෙන් කිසිවෙකුට–ස්වාමිවූ දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය තමාගේ මුඛයෙන් තවත් සඳහන් කරන්ට නොලැබේය කියා මාගේ මහත් නාමයෙන් දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. |
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්
එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද?
සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය.
එහෙත්, නුඹලා මේ වචන සිතට නොගත්තොත්, මේ මාලිගාව නටබුන් ගොඩක් වන්නේ යයි මම ම නුඹලාට දිවුරා කියමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
“එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද මේ දේශයේ ඉතිරි ව සිටින ජෙරුසලමේ සෙසු අය ද මිසර දේශයේ වාසය කරන්නන් ද ස්වාමීන් වන මම, කන්නට බැරි අර නරක අත්තික්කා මෙන් වන්නට සලසමි.
සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”
“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.
මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”
තවද, ජෙරමියා මුළු සෙනඟටත්, සියලු ස්ත්‍රීන්ටත් කතා කොට, “මිසර දේශයේ සිටින ජුදාවරුනි, සමිඳාණන් වහන්සේගේ වචන අසන්න.
සව් බලැති සමිඳාණෝ යැයි නම් දරන රජතුමාණෝ දිවුරා මෙසේ පවසන්නාහ: ජීවමාන දෙවිඳා මම වෙමි; නුඹලාට පහර දෙන තැනැත්තාගේ ශක්තිය කඳු අතරේ තාබෝර් කන්ද මෙන් ද මුහුද ළඟ තිබෙන කර්මෙල් කන්ද මෙන් ද වන්නේ ය.
බොශ්රා නගරය භීතියට ද සරදමට ද පාළුවට ද සාපයට ද ලක් වන බව මම දිවුරා කියමි. එහි අසල නගර සදහට ම පාළු වී යනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය.
බබිලෝනියට පහර දෙන පිණිස පළඟැටි සමූහයක් මෙන් විශාල සෙනඟක් ගෙනෙන බවට සව් බලැති සමිඳුන් සිය නාමයෙන් දිවුරා ඇත. ඔවුන් ඝෝෂා නඟනු ඇත.”
නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය.
එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.
“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.
මළ කෙනෙකුගේ ඥාතියෙකු ආදාහනය කරන පිණිස මළකඳ ගෙනයන්නට ආ විට, ගෙයි සැඟවී සිටින කෙනෙකුට කතා කොට, ‘මළගිය තව කවුරුත් මෙහි සිටිනවා දැ’යි අසනු ඇත. එවිට, ‘නැත, නිශ්ශබ්ද වන්න, සමිඳාණන් වහන්සේගේ නාමය සඳහන් නොකරන්න අප ප්‍රවේසම් විය යුතු ය’යි ඔහු පිළිතුරු දෙන්නේ ය.
සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙය සිය නාමයෙන් දිවුරා මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරකම මට පෙන්නන්න බැරි ය. ඔවුන්ගේ වලව් ද මම හෙළාදකිමි. නගරය ද එහි ඇති සියල්ල ද මම සතුරාට පාවා දෙමි.”
ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි.
එබැවින් ඔබ ඔවුන් අමතා මෙසේ කියන්න: ‘නුඹලා මාගේ කනට ඇසෙන සේ කී ලෙස මා නුඹලාට කරන බවට, මම දිවුරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
තමන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි උන් වහන්සේ දිවුරා කීවේ කවුරුන් ගැන ද? අකීකරු වූවන් ගැන නොවේ ද?
මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්;
මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.