එහෙත්, සත් වන මාසයේ දී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුත් සමඟ අවුත් ගෙදලියාටත්, මිශ්පාහි ඔහු සමඟ සිටි ජුදෙව්වරුන්ටත්, කල්දිවරුන්ටත් පහර දී මරාදැමී ය.
යෙරෙමියා 41:3 - Sinhala New Revised Version 2018 තවද, ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු ජුදෙව්වරුන් ද එහි ඒ අවස්ථාවේ සිටි බබිලෝනීය යුද්ධ භටයන් ද මැරුවේ ය. Sinhala New Revised Version තවද, ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු ජුදෙව්වරුන් ද එහි ඒ අවස්ථාවේ සිටි බබිලෝනීය යුද්ධ භටයන් ද මැරුවේ ය. Sinhala Revised Old Version තවද ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු යුදෙව්වරුන්ද එහි සම්බවූ යුද්ධකාරයන් වන කල්දිවරුන්ද මැරුවේය. |
එහෙත්, සත් වන මාසයේ දී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුත් සමඟ අවුත් ගෙදලියාටත්, මිශ්පාහි ඔහු සමඟ සිටි ජුදෙව්වරුන්ටත්, කල්දිවරුන්ටත් පහර දී මරාදැමී ය.
යුද්ධායුධවලට වඩා ප්‍රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.
එවිට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කළා වූ ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දී ඔහු මැරුවෝ ය.
ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි. කඳුළු ඇගේ දෙකපොල දිගේ ගලා යයි, ඇගේ පෙම්වතුන් අතර ඇය සනසන්නට කිසිවෙක් නැත. ඇගේ සියලු මිතුරෝ ද්‍රෝහිකම් කර, ඇගේ සතුරන් වී සිටිති.