එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය.
යෙරෙමියා 4:9 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ කතා කොට, “ඒ දවසේ දී රජුගේ සිත ද අධිපතීන්ගේ සිත් ද අධෛර්ය වන්නේ ය; පූජකයෝ බියපත් වන්නෝ ය. දිවැසිවරු ත්‍රස්ත වන්නෝ ය”යි වදාළ සේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ කතා කොට, “ඒ දවසේ දී රජුගේ සිත ද අධිපතීන්ගේ සිත් ද අධෛර්ය වන්නේ ය; පූජකයෝ බියපත් වන්නෝ ය. දිවැසිවරු ත්‍රස්ත වන්නෝ ය”යි වදාළ සේක. Sinhala Revised Old Version ඒ දවසේදී රජුගේ සිතද අධිපතීන්ගේ සිත්ද බයාදුවන්නෝය; පූජකයෝ විස්මපත්වනනෝය, අනාගතවක්තෘවරුද ත්‍රස්තවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති.
“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.
‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?
නගර සතුරාට අසු වනු ඇත; බලකොටු අල්ලා ගනු ලැබේ; මෝවබ්හි හේවායන්ගේ සිත ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් වන්නේ ය.
දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”
එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.
‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න; මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ ” යනු යි.