ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 39:16 - Sinhala New Revised Version 2018

“බලන්න, මා කී පරිදි මම මේ නගරය පිට සැපත නොව විපත පමුණුවන්නෙමි. ඒ දවසේ දී මේවා නුඹ ඉදිරියෙහි ම සිදු වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“බලන්න, මා කී පරිදි මම මේ නගරය පිට සැපත නොව විපත පමුණුවන්නෙමි. ඒ දවසේ දී මේවා නුඹ ඉදිරියෙහි ම සිදු වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ ගොස් කූෂීය එබෙද්-මෙලෙක්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම මාගේ වචන මේ නුවර පිටට යහපත පිණිස නොව විපත්ති පිණිස පමුණුවමි; ඒ දවසේදී ඒවා නුඹ ඉදිරියෙහි ඉෂ්ටවන්නේය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 39:16
24 හුවමාරු යොමු  

මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.


මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි. දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.


මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”


“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.


“තවද, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ කිරියත්-ජෙයාරිම්හි ෂෙමායාගේ පුත් උරියා නම් මිනිසෙක් විය. ඔහු ජෙරමියාගේ සියලු වචනවලට අනුකූල ව මේ නගරයටත්, මේ දේශයටත් විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය.


මම අණ කොට මේ නගරය කරා ඔවුන් නැවත ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධ ව යුද්ධ කොට, ඒක අල්ලා ගින්නෙන් දවාදමන්නෝ ය. එහි වැසියෙකු නොසිටින ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ ”


මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”


සමිඳාණන් වහන්සේ ඒ ප්‍රකාශය ඉටු කරමින් උන් වහන්සේ වදාළ ලෙස කළ සේක; නුඹලා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කොට, උන් වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලා වෙත පැමිණියේ ය.


නුඹලාට සැපත නොව, විපත පැමිණෙන ලෙස මම වගබලාගන්නෙමි. මිසර දේශයෙහි සිටින සියලු ම ජුදෙව්වරු නැත්තට ම නැති වන තුරු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය.


ඔවුන්ට මෙසේ සිදු වනු ඇත. නුඹලා මෙසේ කියන බැවින් සියලු බලැති දෙවියන් වහන්සේ මට වදාරන වචන මෙසේ ය: “මාගේ වචන නුඹේ මුඛයෙහි ගින්නක් මෙන් ද සෙනඟ දර මෙන් ද කරන්නෙමි. එයින් ඔවුන් දැවී යනු ඇත.”


ඔවුන්ගේ සතුරන් ඔවුන් වහල්කමට ගෙන ගියොත්, ඔවුන් කඩුවෙන් මරන ලෙස මම අණ කරමි. ඔවුන්ට පිහිටවන්නට නොව ඔවුන් විනාශ කරන්න මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.


ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.


අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”