ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.
යෙරෙමියා 38:21 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ ඔවුන්ගේ අතට භාර වන්නේ නැතැ යි කියන්නෙහි නම්, ඔබට වන මේ දේ සමිඳාණන් වහන්සේ මට දර්ශනයකින් පෙන් වූ සේක. Sinhala New Revised Version එහෙත්, ඔබ ඔවුන්ගේ අතට භාර වන්නේ නැතැ යි කියන්නෙහි නම්, ඔබට වන මේ දේ සමිඳාණන් වහන්සේ මට දර්ශනයකින් පෙන් වූ සේක. Sinhala Revised Old Version එහෙත් නුඹ යන්නේ නැතැයි කියතොත්, ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබෙන වචනය මෙසේය: |
ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.
එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය; ඒවා වෙනස් කළ හැක්කේ කාට ද? එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක.
මේ කියමන නිසා, දෙවිඳුන් ප්‍රතික්ෂේප කිරීමේ ඔබේ වරද දෙවි තුමන් ගණන් නොගෙන හරිනු ඇද් ද? තීරණය ඔබ අතේ ය, මා අත නොවේ. ඔබ දත් පමණින් පිළිතුර අපට කියන්න.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹලා කොපමණ කාලයක් මාගේ ආඥා සහ නීති පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නහු ද?
මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”
ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.
බලන්න, ජුදාහි රජුගේ ගෙදර ඉතිරි ව සිටින සියලු ස්ත්‍රීහු බබිලෝනියේ රජුගේ අධිපතීන් වෙත ගෙනයනු ලබති. ඔව්හු කතා කරමින්, ‘ඔබේ හිතමිතුරෝ ඔබ රවටා ඔබෙන් ජය ගත්තෝ ය. ඔබේ පාද දැන් මඩෙහි එරී ඇති බැවින් ඔබේ මිතුරන් ඔබ කෙරෙන් වෙන් ව ගොස් ඇතැ’යි ද කියති.”
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.
“බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද?
එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය.
එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද?