ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 38:20 - Sinhala New Revised Version 2018

ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට යෙරෙමියා: ඔවුන් නුඹ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවුණ මැනවි; එයින් නුඹට ශුභසිද්ධවී නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 38:20
20 හුවමාරු යොමු  

එවිට ඔබ නිසා ඔවුන් මාගේ පනත් බේරා මට හොඳින් සලකනු ඇතැ”යි කී ය.


බලන්න, අර නගරය, එය කුඩා වූවත් පලායාමට මට එය කිට්ටු ය. ගැළවී එහි යන්නට මට අවසරයි! ඒ කුඩා නගරයක් නොවේ ද? එහෙත්, මට එහි සුරක්ෂිත ව ඉන්නට පුළුවනැ”යි කී ය.


ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.


මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය: “මේ මා කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න; මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න.


මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත; මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න.


“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.


මා ඔවුන්ගේ පියවරුන්, යකඩ ගිනි උදුනක් වැනි මිසර දේශයෙන් පිටත ගෙනා කල, ඔවුන් සමඟ කළ ගිවිසුම මෙය වේ. ‘මාගේ වචනයට කීකරු වී මා අණ කරන සියල්ල ඉටු කරන්න; එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම නුඹලාගේ දෙවියන් වහන්සේ ද වන්නෙමි’යි මම ඔවුන්ට කීවෙමි.


එහෙත්, ඔවුන් කීකරු වුණේ වත්, සවන් දුන්නේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු තමන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝ ය. ‘මාගේ ගිවිසුමට කීකරු වන්නැ’යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් ඊට කීකරු වුණේ නැත. ඒ නිසා ගිවිසුමේ විස්තර කොට ඇති දඬුවම් මම ඔවුන් පිට පැමිණෙව්වෙමි.”


එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියා කලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වන්න. එවිට සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක.


එහෙත්, ඔබ ඔවුන්ගේ අතට භාර වන්නේ නැතැ යි කියන්නෙහි නම්, ඔබට වන මේ දේ සමිඳාණන් වහන්සේ මට දර්ශනයකින් පෙන් වූ සේක.


එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.


ඉශ්රායෙල් සෙනඟට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මා වෙත හැරී එන්න; එසේ ඇවිත් ජීවත් වන්න.


දෙවියන් වහන්සේ වෙත හැරී යන්න; ගොස් ජීවත් වන්න. නොගියොත් උන් වහන්සේ ගින්නක් මෙන් ජෝසෙප්ගේ වංශය පිට පැමිණෙන සේක. බෙතෙල්හි සෙනඟ ගින්නට දැවී යනු ඇත. එය නිවීමට හැකි කිසිවෙක් නැත.


පාවුලු කතා කොට, “ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය.


සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.


දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.


එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.


එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න.