ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 36:21 - Sinhala New Revised Version 2018

රජතුමා පොත ගෙනෙන්නට ජෙහුදී යැවී ය. ඔහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයින් එය ගෙනවුත් රජුටත්, රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස එය කියෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රජතුමා පොත ගෙනෙන්නට ජෙහුදී යැවී ය. ඔහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයින් එය ගෙනවුත් රජුටත්, රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස එය කියෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රජ තෙමේ පොත ගෙනෙන්ට යෙහූදී යැවීය. ඔහු එලිෂාමා ලේකමගේ ඇතුල් ගෙයින් ඒක ගෙනවුත්, රජුටත් රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස ඒක කියෙවුවේය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 36:21
7 හුවමාරු යොමු  

ලේකම් වන ෂාපාන් කතා කොට, “පූජක වන හිල්කියා පොතක් මට දුන්නේ ය”යි රජුට දන්වා එය රජු ඉදිරියෙහි කියවී ය.


තවද, ලේකම් වන ෂාපාන් රජුට කතා කොට, “පූජක වන හිල්කියා මට පොතක් භාර දුන්නේ ය” කියා රජු ඉදිරිපිට එයින් කියෙවුවේ ය.


සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිට, ජුදාහි නගරවලින් නමස්කාර කරන්නට එන සියලු දෙනාට මා නුඹට අණ කළ සියලු වචන කියන්න; වචන මාත්‍රයක් වත් අඩු නොකර කියන්න.


එවිට සියලු අධිපතීහු ද කුෂීගේ පුත් ෂෙලෙමියාගේ පුත් නෙතනියාගේ පුත් ජෙහුදී, බාරුක් ළඟට යවමින්, සෙනඟට ඇසෙන පිණිස ඔහු කියෙවූ පොත රැගෙන එන ලෙස කියා යැව්වෝ ය. නේරියාගේ පුත් බාරුක් පොත අතින් ගෙන ඔවුන් වෙත පැමිණියේ ය.


ඔව්හු බාරුක් අමතා, “කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය.