ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 35:7 - Sinhala New Revised Version 2018

ගෙයක් ගොඩනැඟීම වත්, බීජ වැපිරීම වත්, මිදි වත්තක් වැවීම වත්, යමක් අයිති කරගැනීම වත් නොකළ යුතු ය. නුඹලා තාවකාලික ව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත් වන පිණිස නුඹලාගේ මුළු ජීවිත කාලය කූඩාරම්වල වාසය කරන්නැ’යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගෙයක් ගොඩනැඟීම වත්, බීජ වැපිරීම වත්, මිදි වත්තක් වැවීම වත්, යමක් අයිති කරගැනීම වත් නොකළ යුතු ය. නුඹලා තාවකාලික ව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත් වන පිණිස නුඹලාගේ මුළු ජීවිත කාලය කූඩාරම්වල වාසය කරන්නැ’යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගෙයක් ගොඩනගන්ටවත් බීජ වපුරන්ටවත් මිදිවත්තක් වවන්ටවත් අයිතිකරගන්ටවත් එපා. නුඹලා පොරොත්තුව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත්වන පිණිස නුඹලාගේ සියලුම දවස්වල කූඩාරම්වල වාසයකරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 35:7
11 හුවමාරු යොමු  

දරුවෝ දෙදෙන වැඩුණාහ. ඒසව් එළිමහනේ වසන දක්ෂ දඩයම්කාරයෙක් විය. ජාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මිනිසෙක් විය.


මන්ද, ඔවුන්ට එකට පදිංචි වීමට නොහැකි තරමට ඔවුන්ගේ ධනය විශාල විය. ඇරත් ඔවුන් විදේශිකයන් මෙන් විසූ රටෙහි, ඔවුන්ගේ ගොවිපළවල් නිසා ඔවුන්ට ඉඩ මදි විය.


“නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.


අපි කූඩාරම්වල වාසය කොට, අපේ පිය වූ ජෝනාදාබ්ට කීකරු ව, ඔහු අපට අණ කළ සියල්ල ඉටු කෙළෙමු.


අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත.


මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න.


ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි.