“නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.
යෙරෙමියා 35:18 - Sinhala New Revised Version 2018 එවිට ජෙරමියා රේකාබ්වරුන්ගේ වංශයට කතා කොට, මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ පිය වූ ජෝනාදාබ්ගේ අණට නුඹලා කීකරු ව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂා කර, ඔහු නුඹලාට අණ කළ සියල්ල ඉටු කළහු ය. Sinhala New Revised Version එවිට ජෙරමියා රේකාබ්වරුන්ගේ වංශයට කතා කොට, මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ පිය වූ ජෝනාදාබ්ගේ අණට නුඹලා කීකරු ව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂා කර, ඔහු නුඹලාට අණ කළ සියල්ල ඉටු කළහු ය. Sinhala Revised Old Version තවද යෙරෙමියා රේකාබ්වරුන්ගේ වංශයට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවූ යෝනාදාබ්ගේ ආඥාවට නුඹලා කීකරුව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂාකර, ඔහු නුඹලාට අණකළ සියල්ල ලෙස කළ නිසා, |
“නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.
ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”
‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න. එවිට දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹ චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය; නුඹට සෙත සැලසෙනු ඇත.