සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නොපවතින්නේ ද? මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක. මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නොසලසන සේක් ද?
යෙරෙමියා 33:21 - Sinhala New Revised Version 2018 එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත. Sinhala New Revised Version එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත. Sinhala Revised Old Version මාගේ මෙහෙකරුවූ දාවිත්ගේ සිංහාසනයෙහි රජකම්කිරීමට ඔහුට පුත්‍රයෙකු නැතුව යන හැටියට, ඔහු සමඟද මාගේ සේවකයන්වූ පූජකයන් වන ලෙවීවරුන් සමඟද ඇති මාගේ ගිවිසුමත් අවලංගුවන්නේය. |
සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නොපවතින්නේ ද? මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක. මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නොසලසන සේක් ද?
එහෙත්, සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් සෑමකල්හි ම නොනිවෙන පහනක් සේ එහි රජකම දෙන්න පොරොන්දු වූ නිසා ද දාවිත්ගේ වංශය නැති කරන්න අකමැති වූ සේක.
ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි.
එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.
“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
“මා විසින් සාදනු ලබන අලුත් අහසත්, අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේ ය.
එසේ ම, මා ඉදිරියෙහි දවන යාග පූජා, ධාන්‍ය පූජා හා නිරතුරු යාග පූජා ඔප්පු කිරීමටත් ලෙවී පූජක වංශයේ පූජකයන්ගේ අඩුවක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක; ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”