ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 33:20 - Sinhala New Revised Version 2018

“දවාලත්, රාත්‍රියත් නියම වේලාවට නොපැමිණෙන ලෙස දවාලත්, රාත්‍රියත් සමඟ මා කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නුඹලාට පුළුවන්කමක් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“දවාලත්, රාත්‍රියත් නියම වේලාවට නොපැමිණෙන ලෙස දවාලත්, රාත්‍රියත් සමඟ මා කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නුඹලාට පුළුවන්කමක් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 33:20
12 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්,


පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”


එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක. ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.


මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි; පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.


ඔහුගේ පෙළපත සඳ මෙන් දිගට ම ජීවත් වන්නේ ය; අහස පවත්නා තෙක් එය තිරසර ව පවතින්නේ ය.”


“මා විසින් සාදනු ලබන අලුත් අහසත්, අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේ ය.


සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:


කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.