මුහුද මැදින් ඔබේ මාවත විය. ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක. එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය.
යෙරෙමියා 32:25 - Sinhala New Revised Version 2018 අහෝ! දෙවි ස්වාමීනි, නගරය බබිලෝනිවරුන්ගේ අතට භාර දී තිබෙන නමුත්, ‘සාක්ෂිකාරයන් ඉදිරියෙහි කෙත මිලේට ගන්නැ’යි මට වදාළේ ඔබ ම ය.” Sinhala New Revised Version අහෝ! දෙවි ස්වාමීනි, නගරය බබිලෝනිවරුන්ගේ අතට භාර දී තිබෙන නමුත්, ‘සාක්ෂිකාරයන් ඉදිරියෙහි කෙත මිලේට ගන්නැ’යි මට වදාළේ ඔබ ම ය.” Sinhala Revised Old Version එහෙත්, අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, නුවර කල්දිවරුන් අතට භාරදී තිබෙන නුමුත්: කෙත මිලේටගෙන සාක්ෂිකාරයන් කැඳවාගන්න කියා ඔබ මට කීසේකැයි කීවෙමි. |
මුහුද මැදින් ඔබේ මාවත විය. ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක. එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය.
වලාකුළු සහ අඳුර එතුමාණෝ වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමාණන්ගේ සිහසුනේ පදනම් ය.
මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”
මන්ද, ගෙවල් ද කෙත් ද මිදි වතු ද නැවත මේ දේශයෙහි මිලේට ගනු ඇතැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේකැ’යි කීවෙමි.
“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.
මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය.
සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, “අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි.
එබැවින් ස්වාමීන් වන මම මෙසේ කියමි. නුඹලා මට අකීකරු වී, නුඹලාගේ සහෝදර අසල්වැසි හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ නොකළහු ය. ඒ නිසා කඩුවට ද වසංගතයට ද සාගතයට ද මම නුඹලා පාවා දෙන්නෙමි. මා නුඹලාට කරන දේ ගැන පොළොවේ සියලු ජාතීන් තැති ගැනීමට මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක.