එහෙත්, ‘දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත් වා, එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේ වා’යි සමිඳාණන් වහන්සේ අණ කර වදාළ පරිදි, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරී ය.
යෙරෙමියා 31:30 - Sinhala New Revised Version 2018 එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය.” Sinhala New Revised Version එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය.” Sinhala Revised Old Version නුමුත් එකිනෙකා තම තමාගේම අයුතුකම නිසා නසින්නේය. යමෙක් ඇඹුල් මිදිඵල කන්නේද ඔහුගේම දත් හිරිවැටෙන්නේය. |
එහෙත්, ‘දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත් වා, එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේ වා’යි සමිඳාණන් වහන්සේ අණ කර වදාළ පරිදි, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරී ය.
ඔවුන්ගේ විනාශය ඔව්හු ම සිය දෑසින් දකිත් වා! සව් බලැති දෙවිඳුන්ගේ උදහස ඔව්හු ම පානය කරත් වා!
පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.
බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.
එහෙත්, දේවාත්මයාණෝ මට ඇතුළු වී, මා නැඟිට සිටුවා, මා සමඟ කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගෙට වැද දොර වසාගෙන සිටින්න.
නුඹ සැබැවින් ජීවත් වන්නෙහි යයි මා දැහැමි මිනිසාට කී නමුත්, ඔහු තමාගේ දැහැමිකම කෙරෙහි විශ්වාසය තබමින් අපරාධ කළොත්, ඔහුගේ දැහැමි ක්‍රියා කිසිවක් සිහි කරනු නොලබන්නේ ය; ඔහු කළ අපරාධ නිසා ඔහු නසිනු ඇත.
එම්බා දුෂ්ටය, නුඹ නසිනවා ම ඇතැ යි මා දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ පාපයෙහි ම නසිනු ඇත. එහෙත්, නුඹ ඔහුගේ මරණය ගැන වගකිවයුත්තා වශයෙන් මම සලකමි.
“දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ.