‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය. එය එසේ නොවේ; තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස, එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.
යෙරෙමියා 31:29 - Sinhala New Revised Version 2018 ඒ කාලය පැමිණි විට, ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය. දරුවන්ගේ දත් හිරිවැටුණේ ය’යි තවත් කියනු නොලබන්නේ ය. Sinhala New Revised Version ඒ කාලය පැමිණි විට, ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය. දරුවන්ගේ දත් හිරිවැටුණේ ය’යි තවත් කියනු නොලබන්නේ ය. Sinhala Revised Old Version පියවරුන් ඇඹුල් මිදිඵල කෑවෝය, දරුවන්ගේ දත් හිරිවැටී තිබේයයි ඒ දවස්වලදී තවත් කියනු නොලැබේ. |
‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය. එය එසේ නොවේ; තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස, එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.
එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය.”
“දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ.