තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයෙන් ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක.
යෙරෙමියා 28:16 - Sinhala New Revised Version 2018 ‘නුඹ පොළොව මතුපිටින් මම පහකරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ ම වදාරන සේක. ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහි ය.” Sinhala New Revised Version ‘නුඹ පොළොව මතුපිටින් මම පහකරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ ම වදාරන සේක. ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහි ය.” Sinhala Revised Old Version එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ පොළොව මතුපිටින් පහකරන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ නිසා නුඹ මේ අවුරුද්දේ මැරෙන්නෙහියයි කීවේය. |
තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයෙන් ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක.
මේ කරුණ වූකලී ජෙරොබෝවම්ගේ වංශය පහකොට මිහි පිටින් විනාශ කිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.
‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව.
එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.
කෙසේ ද යත්: “ස්වාමීන් වන මම නෙහෙලාමියේ ෂෙමායාටත්, ඔහුගේ වංශයටත් දඬුවම් කරන්නෙමි. මන්ද ඔහු දිවැසිවරයෙකු මෙන් ඔබට කතා කරමින්, ඔහු පැවසූ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඔබට සැලැස්සුවේ ය. එහෙත් මම ඔහු නොඑව්වෙමි. ඔහු මට විරුද්ධ ව කැරලිකාර වචන කතා කළ නිසා මේ සෙනඟ අතර වාසය කරන කිසිවෙකු ඔහුගේ පරම්පරාවේ ඉතිරි වන්නේ නැත. මා විසින් මාගේ සෙනඟට කරනු ලබන යහපත ඔහුට දකින්නට නොලැබේ. ඔහුගේ වංශයේ කිසිවෙක් මේ සෙනඟ අතර ජීවත් වන්නේත් නැත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය” යනු යි.
ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ ”
මේ පාපිෂ්ඨ රාජ්‍යය දෙස මම බල බලා සිටිමි. මම ඒ රාජ්‍යය මිහි පිටින් විනාශ කර දමමි. එහෙත්, ඒ ඉශ්රායෙල් සෙනඟ මම සහමුලින් ම විනාශ නොකරමි.
තවද, මෙසේ රට ගැන බොරු ආරංචි සැළ කළ ඒ අය, සමිඳාණන් වහන්සේ විසින් එවන ලද වසංගතයකින් වැනසී ගියෝ ය.
“හත් වන දවසේ දී ගොන් වස්සන් හත්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.
ඔබ එලෙස කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු බැවින්, උන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී උන් වහන්සේ ඔබ මිහිතලයෙන් වනසාලන්නට පුළුවන.