මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”
යෙරෙමියා 26:12 - Sinhala New Revised Version 2018 එවිට ජෙරමියා සියලු ම අධිපතීන් හා මුළු සෙනඟ අමතා මෙසේ කී ය: “ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත්, නගරයටත්, ඔබ හැමටත් විරුද්ධ ව කියන්නට සමිඳාණන් වහන්සේ මා එවූ සේක. Sinhala New Revised Version එවිට ජෙරමියා සියලු ම අධිපතීන් හා මුළු සෙනඟ අමතා මෙසේ කී ය: “ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත්, නගරයටත්, ඔබ හැමටත් විරුද්ධ ව කියන්නට සමිඳාණන් වහන්සේ මා එවූ සේක. Sinhala Revised Old Version එවිට යෙරෙමියා සියලුම අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: නුඹලා ඇසූ සියලු වචන අනාගතවාක්‍ය කොට මේ ගෘහයටත් මේ නුවරටත් විරුද්ධව කියන්ට ස්වාමීන්වහන්සේ මා එවූසේක. |
මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිට, ජුදාහි නගරවලින් නමස්කාර කරන්නට එන සියලු දෙනාට මා නුඹට අණ කළ සියලු වචන කියන්න; වචන මාත්‍රයක් වත් අඩු නොකර කියන්න.
‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ”
සිංහයෙක් ගර්ජනා කරයි; බිය නොවී සිටිය හැක්කේ කවරෙකුට ද? මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ කතා කරන සේක; දිවැස් වැකි නොකියා සිටිය හැක්කේ කවරෙකුට ද?”
එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න.
එවිට පේදුරු සහ අපෝස්තුළුවරු පිළිතුරු දෙමින්, “අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය.