යෙරෙමියා 25:27 - Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. Sinhala Revised Old Version නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. |
මාගේ උදහසින් ජාතීන් පාගාදමා, මාගේ කෝපයෙන් ඔවුන් මත් කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙව්වෙමි.”
නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති. සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය. එහි කිසිවෙක් සාමය නොදකිති; එහි ජීවත් විය නොහැකි ය.
එවිට ස්වාමීන් වන මා මේ දේශයේ සියලු ජනයාට එනම්, පූජකයන්ට ද දිවැසිවරුන්ට ද දාවිත්ගේ පරපුරෙහි සියලු රජවරුන්ට ද ජෙරුසලම්හි සියලු වැසියන්ට ද වෙරි වන තුරු මුද්‍රික පානය පොවන බව ඔවුන්ට කියන්න.
එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.
ඔව්හු එයින් බී වැනි වැනී ගමන් කරන්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන යුද්ධය නිසා, ඔව්හු උමතු වන්නෝ ය”යි වදාළ සේක.
ඒ දවස වනාහි ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන්ගේ දවස ය. එතුමන්ගේ සතුරන්ට දඬුවම් දීමේ දවස ය. එතුමන්ගේ කඩුව ඔවුන් නසා වනසා සෑහීමට පැමිණෙන්නේ ය; ඔවුන්ගේ ලේවලින් මත් වන්නේ ය. මන්ද, එය වනාහි උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව ළඟ ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන් වෙත කළ යාගයකි.
“මිසරයෙහි ආරංචි කරමින් ද මිග්දොල්හි ප්‍රකාශ කරමින් ද නොප්හි හා තාපන්හේස්හි ප්‍රසිද්ධ කරමින් ද මෙසේ කියන්න, ‘නුඹලා ආරක්ෂා වන පිණිස සූදානම් වන්න; මන්ද, නුඹලාට ඇති සියලු දේ යුද්ධයෙන් විනාශ වී යන්නේ ය.’
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: කඩුව බබිලෝනියේ වැසියන් ද ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද පිට පැමිණෙන්නේ ය.
ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.
මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි. ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය. මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය.
ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.
‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”
“නිනිවය, තී මත් සුරාසොඬෙකු මෙන් සිහිසන් නැති වී යනු ඇත. සතුරාගෙන් ගැළවෙන පිණිස තී රක්ෂස්ථානයක් සොයන්නෙහි ය.
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.
මැරුම් කෑ අයගේ ද අල්ලාගත් අයගේ ද ලෙයින්, මාගේ ඊගස් පොඟවමි; දිගු කෙස් ඇති නායකයන්ගේ මාංසය මාගේ කඩුවට ගොදුරු වන්නේ ය.
ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය.