යෙරෙමියා 25:20 - Sinhala New Revised Version 2018 අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්, Sinhala New Revised Version අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්, Sinhala Revised Old Version මිශ්‍රවූ මුළු සේනාවටත් ඌශ් දේශයේ සියලු රජවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත් අෂ්කෙලෝන්ටත් ගාසාටත් එක්‍රෝන්ටත් අෂ්දොද්හි ඉතිරි අයටත්, |
ඔවුන් නම්, කුලුඳුල් පුත්‍රයා වූ ඌශ් ද, ඔහුගේ සහෝදර වූ බුශ් ද, ආරම්ගේ පියා වූ කෙමුවෙල් ද,
ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.
යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි.
තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.
අසිරියාවේ රජ වූ සර්ගොන්ගේ අණ පරිදි අසිරියන් හමුදාවේ අණ දෙන නිලධාරියා වන තර්තාන් අෂ්දොද් නම් පිලිස්තියේ නගරයට පහර දී එය අත්පත් කරගත්තේ ය.
තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා බැහැදැකීම පිණිස ජෙරුසලමට පැමිණි තානාපතිවරුන් අත ඒදොම්, මෝවබ්, අම්මොන්, තීර්, සීදොන් යන රටවල රජවරුන් වෙත පණිවුඩයක් යවන්නට සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.
කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටත්, රථ පිටත්, එහි සිටින විදේශීය සේනාවන් පිටත් පැමිණ ඔවුන් ස්ත්‍රීන් මෙන් දුබල වී යනු ඇත. කඩුවක් ඇගේ වස්තු පිට පැමිණ ඒවා කොල්ලයට යනු ඇත.
ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.
“එතියෝපිවරු ද පූට්වරු ද ලූද්වරු ද සියලු අරාබිවරු ද කුබ්වරු ද ගිවිසුමට බැඳුණු දේශයේ වාසීහු ද ඔවුන් සමඟ කඩු පහරින් වැටෙන්නෝ ය.”
පිලිස්තිවරු වන්දි පූජාවක් වශයෙන්, අෂ්දොද් උදෙසා ද ගාසා උදෙසා ද අෂ්කෙලොන් උදෙසා ද ගාත් උදෙසා ද එක්‍රොන් උදෙසා ද එක එක බැගින් රනින් කළ ගඩු යැවූහ. තවද, ඔව්හු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා විසින් පාලනය කරන ලද නගර වෙනුවෙන් එකකට එක රූපයක් බැගින් රනින් කළ මී රූප යැවූහ.