එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.
යෙරෙමියා 25:2 - Sinhala New Revised Version 2018 දිවැසිවර ජෙරමියා ඒ පණිවුඩය ජුදාහි මුළු සෙනඟටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් මෙසේ ප්‍රකාශ කෙළේ ය: Sinhala New Revised Version දිවැසිවර ජෙරමියා ඒ පණිවුඩය ජුදාහි මුළු සෙනඟටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් මෙසේ ප්‍රකාශ කෙළේ ය: Sinhala Revised Old Version එය අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි මුළු සෙනඟටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් කීවේය. |
එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.
“ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිට, ජුදාහි නගරවලින් නමස්කාර කරන්නට එන සියලු දෙනාට මා නුඹට අණ කළ සියලු වචන කියන්න; වචන මාත්‍රයක් වත් අඩු නොකර කියන්න.
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹ ගොස් ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න: ‘මාගේ වචනවලට නුඹලා කීකරු වන්නේ වත්, මාගේ අනුශාසනා නුඹලා පිළිගන්නේ වත් නැද්දැ යි ස්වාමීන් වන මම අසමි.