සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි.
යෙරෙමියා 22:1 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජුදා රජුගේ මාලිගාවට ගොස් මේ වචන පවසන්න. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජුදා රජුගේ මාලිගාවට ගොස් මේ වචන පවසන්න. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: නුඹ යූදාහි රජුගේ ගෙට බැස ගොස් එහිදී මේ වචනය කියන්න. |
සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි.
ජූදා රජුගේ වංශයට ජෙරමියා කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ වදාළ මේ දේට සවන් දෙන්න.
එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
දාවිත්ගේ සිංහාසනයේ හිඳින ජුදාවේ රජුටත්, ඔහුගේ සේවකයන්ටත්, මේ දොරටුවලින් ඇතුළු වන වැසියන්ටත් සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් දෙන්න කියන්නැ”යි වදාළ සේක.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියා අමතා ජුදාහි රජු වූ ශෙදෙකියා වෙත ගොස් ඔහුට මෙසේ කියන්නැ යි වදාළ සේක: “ස්වාමින් වන මම මෙසේ වදාරමි. බලන්න, මම මේ නගරය බබිලෝනියේ රජු අතට, පාවා දෙමි. ඔහු එය ගින්නෙන් දවාලන්නේ ය.
“පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත;
මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය.