යෙරෙමියා 20:17 - Sinhala New Revised Version 2018 එසේ සිදු වන්නේ, එතුමාණන් මා මවු කුසේ නොමැරූ නිසා ය. මට මවු ගැබ සොහොන් ගැබ විණි නම්, එය සදහට ම උතුම් වන්නට තිබිණි. Sinhala New Revised Version එසේ සිදු වන්නේ, එතුමාණන් මා මවු කුසේ නොමැරූ නිසා ය. මට මවු ගැබ සොහොන් ගැබ විණි නම්, එය සදහට ම උතුම් වන්නට තිබිණි. Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයා වනාහි ස්වාමීන්වහන්සේ කරුණා නොකර නාස්තිකළ නුවරවල් මෙන් වේවා. උදයේ කෑගැසීමක්ද ඉර මුදුන් වේලාවේ ඝෝෂාකිරීමක්ද ඔහුට ඇසේවා. |
මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි.
අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.