එවිට දාවිත් පිළිතුරු දෙමින්, “අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්නට හරින්නෙමි”යි උරියාට කීවේ ය. එසේ උරියා එදත්, පසු දිනත් ජෙරුසලමේ සිටියේ ය.
යෙරෙමියා 2:37 - Sinhala New Revised Version 2018 නුඹලා ලජ්ජාවෙන් ඔලුව බදාගෙන මිසරයෙන් ද පිටතට යන්නහු ය. ස්වාමීන් වන මම නුඹලා විශ්වාස කළ අය ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන් නුඹලාට සව් සැප අත්කර දෙන්නේ නැත.” Sinhala New Revised Version නුඹලා ලජ්ජාවෙන් ඔලුව බදාගෙන මිසරයෙන් ද පිටතට යන්නහු ය. ස්වාමීන් වන මම නුඹලා විශ්වාස කළ අය ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන් නුඹලාට සව් සැප අත්කර දෙන්නේ නැත.” Sinhala Revised Old Version එතනිනුත් නුඹ නුඹේ අත් ඉස පිට තබාගෙන පිටත්ව යන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාසයන් එපාකර තිබේ, ඒවායින් නුඹ සඵල නොවන්නෙහිය. |
එවිට දාවිත් පිළිතුරු දෙමින්, “අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්නට හරින්නෙමි”යි උරියාට කීවේ ය. එසේ උරියා එදත්, පසු දිනත් ජෙරුසලමේ සිටියේ ය.
එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.
මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.”
නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.
එවිට ඔබ මරණය සමඟ කරගත් ගිවිසුම කඩ කරන්නහු ය; පාතාල ලෝකය සමඟ කරගත් එකඟත්වය අවලංගු කරන්නහු ය. කඩාගෙන, බිඳගෙන එන විපත්තිය පැමිණි විට ඔබ එයින් ගසාගෙන යනු ලබන්නහු ය.
ඔවුන්ගේ උත්තමයෝ වතුර ගෙනෙන පිණිස සිය සේවකයන් යවති. ඔව්හු ළිං ළඟට ගොස් වතුර නොලැබ, හිස් භාජන ඇති ව ආපසු හැරී එති. ඔව්හු වියවුලටත්, ලජ්ජාවටත් පැමිණ තමන්ගේ මුහුණු වසා සඟවාගනිති.
දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.
නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.
ජෙරුසලමේ ජනයෙනි, ඔබේ සියලු ම පෙම්වතුන් පරාජය වී සිටින නිසා ලෙබනොන් කන්දට නැඟී ගොස් මොරගසන්න. බාෂාන් දේශයට ගොස් හඬන්න; අබාරිම් කඳු වැටියෙන් මොරහඬ දෙන්න.
‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය. ගළවන්න බැරි ජාතියක් ගැන මුර කුලුණු උඩ අපි බලා සිටියෙමු.
එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “දැන් ඉතින් ඔබේ සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ.