යෙරෙමියා 2:35 - Sinhala New Revised Version 2018 එසේ වුව ද, නුඹලා, ‘මම නිදොස් ය; ඇත්තෙන් ම අප සමිඳාණන් වහන්සේ මා සමඟ උදහස් වී නැතැ’යි කියන්නහු ය. ‘අප පව් කර නැතැ’යි නුඹලා කියන නිසා ස්වාමීන් වන මම නුඹලාට දඬුවම් කරන්නෙමි. Sinhala New Revised Version එසේ වුව ද, නුඹලා, ‘මම නිදොස් ය; ඇත්තෙන් ම අප සමිඳාණන් වහන්සේ මා සමඟ උදහස් වී නැතැ’යි කියන්නහු ය. ‘අප පව් කර නැතැ’යි නුඹලා කියන නිසා ස්වාමීන් වන මම නුඹලාට දඬුවම් කරන්නෙමි. Sinhala Revised Old Version එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි නුඹ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි නුඹ කියන නිසා මම නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. |
“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
“නුඹ මේ කරුණු මේ සෙනඟට දැන්වූ විට ඔවුන් නුඹෙන් මෙසේ අසනු ඇත: ‘මේ සියලු බරපතල විපත්ති සමිඳාණන් වහන්සේ අප පිට පැමිණෙව්වේ මන් ද? අපේ අපරාධය කුමක් ද? අපේ දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව අප කළ පාපය කුමක් ද?’ ”
‘මම අපවිත්‍ර නොවෙමි’යි ද, ‘බාල් දෙවියන්ට නමස්කාර නොකෙළෙමි’යි ද නුඹ කියන්නේ කෙසේ ද? මිටියාවතේ නුඹ පව් කළ අන්දමත්, එහි නුඹ කළ දේත් දෙස බලන්න. නුඹ ඒ මේ අත දුවන ඔටු දෙනක හා සමාන ය.
මට විරුද්ධ ව ඇති නුඹලාගේ පැමිණිල්ල කුමක් ද? මට විරුද්ධ ව නුඹලා කැරලි ගසන්නේ මන්දැ යි ස්වාමීන් වන මම අසමි.
“එබැවින් මාගේ සෙනඟට හා ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් විරුද්ධ ව මම නැවතත් පැමිණිල්ලක් කරමි.
මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’
මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධ ව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහි දී ඔහු විනිශ්චයයට පමුණුවන්නෙමි.
නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.