“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ඔවුන් මාගේ වචනය නොඅසන පිණිස මුරණ්ඩු ව සිටින බැවින් මම මේ නගරයටත්, ඊට යාබද උපනගරවලටත් විරුද්ධ ව මා කී සියලු විපත් පමුණුවන්නෙමි.”
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.
ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක.
ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු උඩඟුකම් කර, ඔබේ ආඥාවලට සවන් නො දී, මනුෂ්‍යයා ජීවත් වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයයන්ට විරුද්ධ ව පව් කොට දරදඬු වී, හිතුවක්කාරකමින් සවන් නො දී සිටියෝ ය.
එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි.
ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”
හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”
නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.
එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.
“නුඹ මෙසේ කියන්න: ජුදාහි රජවරුනි, ජෙරුසලමේ වැසියෙනි, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. අසන සියල්ලන්ගේ කන් දෙදරන තරමට මේ ස්ථානය පිට මම විපත්ති පමුණුවන්නෙමි.
ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි.
“ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.
තවද, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු සේවකයන් වූ දිවැසිවරුන් නිරන්තරයෙන් ඔබ වෙත එවූ නමුත්, ඔබ ඔවුන්ට සවන් දුන්නේ වත්, ඔවුන් කී දේ සිතට ගත්තේ වත් නැත.
‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
“ඔබ සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් නොදෙන නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.
එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය.
සමිඳාණෝ කිසි අනුකම්පාවක් නැති ව, ජාකොබ්ගේ සියලු නිවෙස් විනාශ කළ සේක. එතුමාණෝ සිය කෝපයෙන් ජුදා රටේ බලකොටු බිඳ හෙඵෑ සේක. ඒවා බිමට ම දැමූ සේක. එතුමාණෝ රාජ්‍යය පිට ද එහි අධිපතීන් පිට ද නින්දාව පැමිණෙවු සේක.