යෙරෙමියා 10:8 - Sinhala New Revised Version 2018 ඔව්හු හැම දෙන අඥාන ය, මෝඩ ය. ඒ ලී පිළිමවලින් උගත හැකි දෙයක් ඇද් ද? Sinhala New Revised Version ඔව්හු හැම දෙන අඥාන ය, මෝඩ ය. ඒ ලී පිළිමවලින් උගත හැකි දෙයක් ඇද් ද? Sinhala Revised Old Version ඔව්හු ඒකාකාරයෙන් මූඪව අඥානව සිටිති. ඒ පිළිමයන්ගේ ධර්මය, ලීයක් සමානය. |
මේ දෙවිවරුන් සියලු දෙනාගෙන් වැඩක් නැත. ඔවුන්ට කිසිවක් කළ නොහැකි ය. ඔවුන්ගේ පිළිම හිස් රූකඩ ය.”
එවැනි අයට ඔවුන් කරන අමන ක්‍රියාව දැනගන්නට තරම් සිහි කල්පනාවක් නැත. සැබෑ දේ කුමක් දැ යි දැනගැනීමට වත්, තේරුම්ගැනීමට වත් නොහැකි වන පරිදි ඔවුන්ගේ ඇස් ද සිත් ද වැසී ඇත.
තමා එක ම ලීයක කොටසකින් දර ලබාගෙන, රොටි පුළුස්සා, මස් බැද කන බවත්, ඉතිරි කොටසින් පිළිකුල් දේව රූපයක් කපාගෙන ලී කඳකට නමස්කාර කරන බවත් දැනගන්නට ඔවුන්ට තේරුමක් නැත.
මේ නිසා සියලු මනුෂ්‍යයෝ අනුවණ මෝඩයෝ වෙති. සියලු රන්කරුවෝ තමන් නෙළූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. ඒවා පණ නැති හිස් පිළිම වන බැවිනි.
ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය.
වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.
එවිට මම මෙසේ කීවෙමි: “සැබැවින් ම මොවුහු අඥානයෝ ය. සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද නොදන්න බැවින් මොවුහු මෝඩ ලෙස හැසිරෙති.
මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.
පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද?
පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.