තවද, පාරාවෝ-නෙකො තෙමේ ජොෂියා රජුගේ පුත් එලියාකිම් ඔහුගේ පිය වූ ජොෂියා වෙනුවට රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. එහෙත්, ඔහු ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය. එහි දී ඔහු මළේ ය.
යෙරෙමියා 1:3 - Sinhala New Revised Version 2018 ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. Sinhala New Revised Version ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. Sinhala Revised Old Version යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදීද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ කෙළවර දක්වා, එනම් පස්වෙනි මාසයේ යෙරුසලමේ වැසියන් දාස කොට අල්ලා ගෙනයාම දක්වාද, ඒ පණිවුඩය පැමිණියේය. |
තවද, පාරාවෝ-නෙකො තෙමේ ජොෂියා රජුගේ පුත් එලියාකිම් ඔහුගේ පිය වූ ජොෂියා වෙනුවට රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. එහෙත්, ඔහු ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය. එහි දී ඔහු මළේ ය.
බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය.
ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය.
බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද ඔහුගේ මුළු සේනාව ද ඔහුගේ පාලනය යටතේ තිබුණු සියලු රට රාජ්‍යයන් ද සියලු ජනයන් ද ජෙරුසලමටත්, ඊට අයිති සියලු නගරවලටත් විරුද්ධ ව යුද්ධ කරද්දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
“නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.
“දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කතා කොට, ඔවුන් මේ අවුරුදු සැත්තෑව තුළ දී පස් වන හා සත් වන මාසවල උපවාස පවත්වා වැලපෙමින් උපවාස කෙළේ මා උදෙසා ද?
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”