“නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
ගීතාවලිය 89:35 - Sinhala New Revised Version 2018 මම මාගේ ශුද්ධවන්තකම පිට සදහට ම දිවුළෙමි; එබැවින් දාවිත්ට මම බොරුවක් නොකියන්නෙමි. Sinhala New Revised Version මම මාගේ ශුද්ධවන්තකම පිට සදහට ම දිවුළෙමි; එබැවින් දාවිත්ට මම බොරුවක් නොකියන්නෙමි. Sinhala Revised Old Version මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි; දාවිත්ට බොරු නොකියන්නෙමි; |
“නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තම ශුද්ධ නාමයෙන් මෙසේ දිවුරන සේක: “නුඹලා කොකුවලින් ඇදගෙන යනු ලබන දවස පැමිණෙනු සිකුරු ය. නුඹලාගේ හැම කෙනෙක් ම බිලි කටුවේ ඇමුණු මාලුවෙකු මෙන් වන්නෝ ය.
ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි.
දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද?
සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය.
ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය.
මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්;
එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස, දිවුරුමකින් එය සහතික කළ සේක.