මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළොත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.
ගීතාවලිය 89:30 - Sinhala New Revised Version 2018 ඔහුගේ දරුදැරියෝ මාගේ නීතියට අකීකරු වන්නෝ නම්, මාගේ නියමයන්ට අනුව ජීවත් නොවන්නෝ නම්, Sinhala New Revised Version ඔහුගේ දරුදැරියෝ මාගේ නීතියට අකීකරු වන්නෝ නම්, මාගේ නියමයන්ට අනුව ජීවත් නොවන්නෝ නම්, Sinhala Revised Old Version ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්, |
මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළොත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.
නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”
අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සගලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.
ඉශ්රායෙල්හි රජ වන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනකු නැඟී එන බවට මම පොරොන්දු වෙමි.
ඔහු නපුරෙන් වැළකී සිටියි. පොලියට මුදල් නොදෙයි. අයුතු ලාභ නොගනියි. මාගේ නියෝග පිළිපැද මාගේ පනත් අනුව හැසිරෙන්නේ ය. මේ මිනිසා තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබැවින් ම ජීවත් වන්නේ ය.
මාගේ පනත් ප්‍රකාර හැසිරෙයි. මාගේ නියමයන් අවංක ව පවත්වයි. එවැනි මිනිසෙක් ධර්මිෂ්ඨ ය. ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පනත් අනුගමනය කර ඒවා පිළිපදින්න;
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය.