අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය.
අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය.
පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත.
දුදනන් හට එතුමාණන් කෙරෙන් සැඟවී සිටිය හැකි තරම් ගන’ඳුරක් වත්, තද කළුවරක් වත් නැත.
මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්‍රිය ගෙවිණි, එහෙත් මුළු රාත්‍රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ.
එහෙත්, සෙනඟ ඈතින් ම සිටගත් කල මෝසෙස් දෙවියන් වහන්සේ වැඩසිටි අඳුරු වලාකුළට සමීප විය.
උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.