දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නොවෙම්වා”යි ගාද්ට කී ය.
ගීතාවලිය 119:156 - Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව. Sinhala Revised Old Version ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව. |
දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නොවෙම්වා”යි ගාද්ට කී ය.
දාවිත් උත්තර දෙමින්, “මම ලොකු ප්‍රශ්නයකට මූණ පා සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අසු වන්නෙමි. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මනුෂ්‍යයාගේ අතට අසු වන්න මට සිද්ධ නොවේවා”යි ගාද්ට කීවේ ය.
දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.
මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.
මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.
දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.
සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.