මම ඔබට අඬගැසීමි; මා මුදාලුව මැනව. එවිට ඔබේ ශික්ෂා පද මම පිළිපදින්නෙමි.
මම ඔබට අඬගැසීමි; මා ගැළෙවුව මැනව, එවිට ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි.
මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව; එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.
එතුමාණන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමාණෝ සොයන අය භාග්‍යවන්ත ය.
මම ඔබේ ය; මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි.
ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.
සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.