ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
ගීතාවලිය 107:37 - Sinhala New Revised Version 2018 ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ. Sinhala New Revised Version ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ. Sinhala Revised Old Version ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක. |
ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කී ය: “සිදු වන්න යන දේ පිළිබඳ ව මෙන්න ඔබට ලකුණක්: මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නෙහි ය; දෙ වන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇති වන දෙයයි. තුන් වන අවුරුද්දේ දී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපාගන්නත්, මිදි වතු වවා මිදි පල කන්නත් හැකි වන්නේ ය.
නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය.
ඔව්හු එහි සුව සේ වාසය කොට, ගෙවල් ගොඩනඟා මිදි වතු වවන්නෝ ය; ඔවුන් අවට සිටින, ඔවුන් අපවාදයට පත් කළ, සියල්ලන් කෙරෙහි මා විනිශ්චයයන් ඉෂ්ට කළ කල්හි ඔවුන් එසේ සුව සේ වාසය කරනු ඇත. මෙසේ මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”
ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.
එහෙත් උන් වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නො දී සිටි කලක් නො වී ය. මන්ද, උන් වහන්සේ අහසින් වර්ෂාව ද සාරවත් කාල සීමාවන් ද ඔබට දී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින්, යහපත්කම් කළ සේකැ”යි කී හ.
වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය.
වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී, ඒවා වැඩෙන්න සලස්වා, ඔබගේ ත්‍යාගශීලීභාවයේ අස්වැන්න සරුසාර කරන සේක.