ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.
ගීතාවලිය 107:27 - Sinhala New Revised Version 2018 ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. Sinhala New Revised Version ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය. Sinhala Revised Old Version ඔව්හු බේබද්දෙකු මෙන් ඇලවෙවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි. |
ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.
‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද? මිනිසෙකු වන මා නාස්ති කිරීමට එතුමාණන්ට මා ඉඩ දෙන්නේ මන් ද?
සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත. ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි. සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි,
මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්, කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය. පොළොව පාපයෙන් බර වී ඇත. එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය.
ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න; සැප විඳ අන්ධ වන්න; මඳක් වත් මිදියුස නොබී මත් වන්න; බිඳක් වත් නොබී වැනි වැනී යන්න.