ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගලාති 3:28 - Sinhala New Revised Version 2018

ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.

පරිච්ඡේදය බලන්න



ගලාති 3:28
31 හුවමාරු යොමු  

ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි.


තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ.


ජාතිය උදෙසා පමණක් නොව, දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණිස ද, දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසි කීමකි.


මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව.


මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.


ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය.


මෙසේ ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත්වන්නවුනට විරුද්ධ ව නඩු තීන්දුවක් නැත.


ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක.


මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය.


චර්මඡේදනය වත්, අචර්මඡේදනය වත්, වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීම ය.


මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.


ඔබ සියල්ලෝ ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.


එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය.


ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත.


දේව කැමැත්තෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පාවුලු නම් මම, එපීසයේ සිටින, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමි.


ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය;


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු.


මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි.


ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.


මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි.


මේ හසුන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතුකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පාවුලුගෙන්, ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස් වෙතට ය.