ගලාති 3:21 - Sinhala New Revised Version 2018 එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධ ද? කොහෙත් ම නැත, මන්ද, ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ඒ මඟින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිණි. Sinhala New Revised Version එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධ ද? කොහෙත් ම නැත, මන්ද, ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ඒ මඟින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිණි. සිංහල කාලීන පරිවර්තනය එසේ නම් දහම් නීතිය දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින්ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි දහම් නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන්ම ධර්මිෂ්ඨකම දහම් නීතිය මඟින් ආ හැකිව තිබිණි. Sinhala Revised Old Version එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත. |
එසේ නම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමු ද? කොහෙත් ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.
සැබැවින් ම එසේ නොවනු ඇත. මිනිසුන් හැම දෙනා ම බොරුකාරයන් වුවත්, දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ බව නිසැක ය. ඒ බවට ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ඔබ වදාරන වචනයෙන් ඔබේ ධර්මිෂ්ඨ බව ප්‍රකාශ වන්නේ ය, ඔබ විනිශ්චය කරනු ලබන කල ඔබට ජය අත් වන්නේ ය.”
කිසි සේත් ම කිව නොහැකි ය. දෙවියන් වහන්සේ අසාධාරණ නම්, උන් වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද?
අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය.
ක්‍රිස්තුන් වහන්සේ මඟින් දමිටුකම සොයන අපි විජාතීන් මෙන් පව් කරන්නන් හැටියට ගණන්ගැනෙමු නම්, ක්‍රිස්තුන් වහන්සේ පාපයට අනුබල දෙන සේකැ යි කිව හැකි ද? කොහෙත් ම නැත.
ඇරත් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස මම ව්‍යවස්ථාවට කීකරු වන අතර ව්‍යවස්ථාව මළ දෙයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කෙළෙමි.
දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ප්‍රභ නොකරමි. මන්ද, ව්‍යවස්ථාව මඟින් දමිටු බව ඇතිකර ගත හැකි නම් ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ තේරුමක් නැත.
එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.
ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.
පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත. මන්ද, ව්‍යවස්ථාව මඟින් කිසිවක් සම්පූර්ණ නො වී ය.
එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මඟින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.