ගලාති 2:10 - Sinhala New Revised Version 2018 ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය. Sinhala New Revised Version ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් ඉල්ලූ එකම දේ දුප්පතුන් සිහි තබා ගන්නා ලෙසයි. කරන්නට මා ඉතා ආශා වූ දේ ද එයමයි. Sinhala Revised Old Version අප විසින් දිළිඳුන් සිහිකරන ලෙස ඔවුන් ඉල්ලුවා පමණක්ය; එම දේ කරන්ට මමද ආශාවෙන් සිටියෙමි. |
යහපත කිරීමට ද, ඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක.
ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?