ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 9:11 - Sinhala New Revised Version 2018

දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් පූප හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෙවෙනි මස දසසතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමඟ එය කත්වා.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 9:11
7 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.


“මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක.


මේ දේවල් සිදු වූයේ, ‘ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය’යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය.


ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර පූප නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන පූප එනම්, නුමුහුන් පූප කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් පූප ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය.