ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 9:1 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් ජනයා මිසරයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ දී, සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් ජනයා මිසරයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ දී, සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 9:1
5 හුවමාරු යොමු  

“තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි.


එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.


මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී.


“පළමු වන මාසයේ පළමු වන දින දී මණ්ඩපයේ සම්මුඛ මණ්ඩපය සාදා,


ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: