එවිට ජාකොබ්, සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මත ද, සිය වමත වැඩිමලා වන මනස්සේගේ හිස මත ද තම අත් මාරු කොට තැබී ය.
ගණන් කථාව 8:18 - Sinhala New Revised Version 2018 මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුලන් සියලු දෙනා වෙනුවට මම ලෙවීවරුන් තෝරාගතිමි. Sinhala New Revised Version මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුලන් සියලු දෙනා වෙනුවට මම ලෙවීවරුන් තෝරාගතිමි. Sinhala Revised Old Version එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුලන් වෙනුවට මම ලෙවීවරුන් ගෙන, |
එවිට ජාකොබ්, සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මත ද, සිය වමත වැඩිමලා වන මනස්සේගේ හිස මත ද තම අත් මාරු කොට තැබී ය.
“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.
නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.
මිසර දේශයෙහි සියලු කුලුඳුලන් මරණයට පත් කළ දිනයෙහි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් මිනිසෙක් හෝ සතෙක් හෝ වේ වා, මම මට ම කැප කොටගතිමි.
ඉශ්රායෙල් ජනයා අතරෙන් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාවක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් උදෙසා සේවාව ඉටු කළ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත.”