මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.
ගණන් කථාව 7:35 - Sinhala New Revised Version 2018 සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂෙදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය. Sinhala New Revised Version සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂොදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය. Sinhala Revised Old Version ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ගේ පඬුර මේය. |
මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.
ඉන්පසු රූබන්ගේ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. රූබන්ගේ සේනාංකයේ සෙන්පතියා ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් විය.
දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත.
පස් වන දවසේ දී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.