ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 6:15 - Sinhala New Revised Version 2018

පසුව නුමුහුන් පූප කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ පූප ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී පූප පෙති ද පූප ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුහුන් නැති රොටි පෙට්ටියක් වන තෙල් මුසු සිහින් පිටියෙන් සෑදූ රොටිද තෙල් ගෑවාවූ මුහුන් නැති පූපද උන්ගේ ආහාර පූජාවද උන්ගේ බොන පූජාද ස්වාමීන්වහන්සේට ඔප්පුකරාවා.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 6:15
15 හුවමාරු යොමු  

නුමුහුන් පූප ද තෙලින් බදින ලද හා තෙල් ගාන ලද නුමුහුන් පූප ද ගන්න. මේවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතු වේ.


ධාන්‍ය එකතු කළ නුඹලා ඒවා වළඳා සමිඳුන්ට ප්‍රශංසා කරන්නහු ය. මිදියුස රැස් කළ නුඹලා මාගේ මාලිගාවේ මළුවල දී ඒවා පානය කරන්නහු ය”යි වදාළ සේක.


“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.


දේව මාලිගාවේ ආහාර පූජාව ද පානීය පූජාව ද නැත. පූජකවරු, සමිඳුන්ගේ පූජකවරු, වැලපෙන්නෝ ය.


සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?


“නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් පූප හෝ තෙල් ගෑ නුමුහුන් තුනී පූප හෝ විය යුතු ය.


යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් පූප ද තෙල් ගෑ නුමුහුන් පූප පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර පූප ද පුද කළ යුතු ය.


“ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් පූප පැස ද ගෙන


සහභාගිකමේ පූජාවක් සඳහා ගවයෙකු හා බැටළුවෙකු ද ගන්න. මේ සියල්ල ම තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය’යි කියන්න. ඒ මන්ද, අද සමිඳාණන් වහන්සේ ඔබ හැමට දර්ශනය වන සේකැ”යි කීවේ ය.


පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් දෙකක් ද ගෙනා යුතු ය. ගින්නෙන් දවා පිදූ මෙය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.


‘පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒවා ගෙනවුත් ඔහුගේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදනු ඇත.


එහෙයින් ඔබ කෑවත් බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න.


ඔබ යම් පමණ වර මේ පූප අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.