ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ.
ගණන් කථාව 5:17 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු මැටි බඳුනකට පිරිසිදු වතුර ස්වල්පයක් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ පොළොවේ පස් ස්වල්පයක් එහි දැමිය යුතු ය. Sinhala New Revised Version ඉන්පසු ඔහු මැටි බඳුනකට පිරිසිදු වතුර ස්වල්පයක් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ පොළොවේ පස් ස්වල්පයක් එහි දැමිය යුතු ය. Sinhala Revised Old Version මැටි භාජනයකට ශුද්ධ වතුර ගෙන, මණ්ඩප භූමියෙහි තිබෙන ධූලියෙන් ටිකක් අරන් වතුරේ දමා, |
ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ.
“පවිත්‍ර වීම පිණිස නුඹ ලෝකඩයෙන් භාජනයක් ද, ලෝකඩයෙන් එහි අඩිය ද සාදන්න. එය සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය අතර තබා ඊට වතුර දැමිය යුතු යි.
ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.
එවිට පූජකවරයා ඈ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවා, ඇගේ කෙස් කළඹ ලිහා සැක දුරුකිරීමේ පූජාව වන සිහිකිරීමේ පඬුර ඇගේ අත්වල තැබිය යුතු ය. එහෙත්, සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේ ම තබාගත යුතු ය.
ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක.